VTC - දෙහිවල

දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන සියලුම අභ්‍යාසලාභීන් විසින් පහත සඳහන් නීතිරීති පිළිපැදිය යුතු බව කාරුණිකව දැන ගත යුතු වේ.

  • සියළු අභ්‍යාසලාභීන් පුහුණු මධ්‍යස්ථානයේ නිල ඇඳුමින් සැරසී ප්‍රසන්න පෙනුමකින් සිටීම අනිවාර්ය වේ.
  • සියළු පූර්ණ කාලීන පාඨමාලා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා ද, අර්ධ කාලීන පාඨමාලා පෙ.ව. 8.30 සිට ප.ව. 12.30 හා ප.ව. 1.00 සිට ප.ව. 5.00 දක්වා ද පැවැත්වේ.
  • සතියේ දිනවල පැවැත්වෙන උදෑසන රැස්වීම සඳහා සහභාගී වීම අනිවාර්ය වේ.
  • පාඨමාලා ගාස්තු නියමිත දිනට ගෙවා ලදුපත් කාර්යාලයට ලබා දිය යුතු වේ.
  • මධ්‍යස්ථානයේ ක්‍රියා පටිපාටි නිවැරදිව සපුරා ඇති අයට පමණක් විභාග ප්‍රවේශපත් නිකුත් කරනු ලැබේ.
  • ලිඛිත හා ප්‍රායෝගික යන දෙයාකාරයෙන්ම පරීක්ෂණ පැවැත්වේ.
  • සියළු පරීක්ෂණයන්ගෙන් සමත්ව පැවරුම් නිසිපරිදි සම්පූර්ණ කල අය සඳහා සහතිකපත් නිකුත් කරනු ලැබේ.
  • අධ්‍යාපන කටයුතුවලට අමතරව ආයතනයේ සිදු කරන බාහිර පොදු කටයුතු සඳහා දායකත්වය ලබාදිය යුතුවේ.
  • තමන්ගේ අවශ්‍යතා සඳහා ලිපි ඉල්ලුම් කිරීමේදී අවශ්‍ය දිනට දින තුනකට පෙර අදාල පෝරමය පුරවා කාර්යාලයට බාර දිය යුතුයි.
  • සියළු ලේඛන නිකුත් කිරීම් කොන්දේසි සහිත වන අතර මධ්‍යස්ථානයේ ලියාපදිංචිව ඇති නාමය නමින් පමණක් නිකුත් කිරීම සිදු වේ.
  • ආයතනය හැර ගිය හෝ අසමත් වූවන් සඳහා ලිපි නිකුත් කරනු නොලැබේ.
  • ආයතනයේ උපාංග පරිහරණයේ දී සුරක්ෂිතව පරිහරණය කිරීමත්, පිරිසිදුව තබා ගැනීමත්, දේශන සඳහා සහභාගී වීමේදී ජංගම දුරකථන ක්‍රියා විරහිතව තබා ගැනීමත්, මධ්‍යස්ථානයේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමත් අනිවාර්ය වේ.
  • ඉහත පොදු නීති අනුගමනය නොකිරීමෙන් ඇතිවන අපහසුතා ගැන මධ්‍යස්ථානය වග නොකියන අතර, ආයතනය මගින් ගන්නා සෑම තීරණයක්ම අවසන් තීරණය ලෙස පිලිපැදිය යුතුයි.

Our Location

Vocational Training Centre,
Pallidora Road, Kawdana,
Dehiwala.

Contact with Phone

072-4700900
011-2761964
011-2731346

Email

 dehiwala.vtc@gmail.com

© Copyright VTC Dehiwala 2025. All Rights Reserved | Solution by Lite Art

Search