vtcourpeochir.jpg
ගරු සභාපති/අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ පණිවිඩය
පසිඳු ගුණරත්න මැතිතුමා .

ශ්‍රි ලාංකේය තාරුණ්‍යය වචනයේ පරිසාමාප්ත අරුතින්ම  නිර්මාණශීලිව එමෙන්ම ජවසම්පන්නය. එකී තරුණ ප‍්‍රජාවට තම දක්ෂතා කළඑළි දක්වාලිමට මෙන්ම සිය හැකියාවන් ඔප් නංවා ගැනිමටද අවැසි පරිසරය සකසා දීම අධ්‍යයනය යුගයේ වැදගත්ම කරුණක්ව ඇත.

එය මනාකොට සිදුවීමෙන් සැලසෙන වාසි කිහිපයකි එක් පසෙකින් එය වනාහි රටේ සංවර්ධනයට පිටූවහලකි. අනෙක් පසින් එය තාරුණ්‍යයේ ප‍්‍රගමනයටද හේතු සාධක වනු නොඅනුමානය.

 

අප රට වනාහි තරුණ සංවර්ධන විෂයය පිළිබදව දශක 05කට ආසන්න අත්දැකිම් ඇති දේශයකි. ජාතික තරුණ සේවා සභාව නැමැති ආයතනය බිහි කරලිමේ අරමුණු අතර ප‍්‍රමුඛතම එකක් වුයේද තාරුණ්‍යය සතුව ඇති විවිධ කෞෂල්‍යයන් ප‍්‍රවර්ධනය කර ගැනිමට දිරිය සැපයිමයි. අද වනවිට එකී අරමුණ බොහෝ දුරට මල්පල ගැන්වී ඇති බව පෙනෙන්නට තිබෙන යථාර්ථයයි. ජාතික තරුණ සේවා සභාවට  අනුබද්ධිතව රට වටා පිහිටා තිබෙන වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන වලින් තම දැනුමේ නිම් වළලූ පුලූල් කර ගත්ත මුත් ඒ සදහා හොදින්ම සාක්ෂි සපයන බවද අමුතුවෙන් කිව නොහැක.

ජාතික තරුණ සේවා සභාව තුලින් නිවැරදි වෘත්තිය පුහුණුවක් ලබාගත් බොහෝ අය අද වනවිට කාර්මික හා වෘත්තිය පුහුණු ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ වී සිටිති ව්‍යාපාරික ක්ෂේත‍්‍රය තුලද නමක් දිනා ගැනිමට ඇතැමුන්ට හැකියාව ලැබි ඇති අතර, දෙස් විදෙස් රැකියා වෙළෙදපොළට ගැලපෙන පරිදි දැනුම ලබාදිමටද තරුණ සේවා වෘත්තිය පුහුණු පාඨමාලාවල ඇති විශේෂත්වයකි.

ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධිත දෙහිවල වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය ආරම්භයේ පටන්ම තරුණ ප‍්‍රජාවගේ හෙට දවස යහපත් එකක් කරලිම දක්වා ඇති දායකත්වය සුළුපටු නොවේ. අද වනවිට මෙරට රාජ්‍ය  වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන අතර ප‍්‍රමුඛතම නාමයක් දිනා ගැනිමට ඊට හැකි වී ඇත්තේද ඒ නිසාම යැයි මම විශ්වාස කරමි.

එහි සියලූ කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවායි පතන අතර අද දින මෙලෙස ඔවුන් විසින් තබනු ලබන මුල් පියවර මතුයම් දිනෙක මෙරට වෘත්තිය පුහුණු විෂය ක්ෂේත‍්‍රය තුළ දැවැන්ත මුද්‍රාවක් වනු ඇතැයිද විශ්වාස කරමි.

දෙහිවල - ගල්කිස්ස මහා නගර සභාවේ නගරාධිපතිතුමාගේ පණිවිඩය
ගරු. එන්. ස්ටැන්ලි ඩයස් මැතිතුමා 

1983 වර්ෂයේදි ආරම්භ කළ මෙම දෙහිවල වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය පරිගණක, ඉදිකිරිම්, තාක්ෂණික, රූපලාවන්‍ය, භාෂා, මාධ්‍ය හා කළමනාකරණ වශයෙන් අංශ 7 ක් යටතේ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය තුළ මානව සම්පත සංවර්ධනය කරමින් ශ්‍රම බලකායට විශාල පිරිසක් එක් කරන ආයතනයකි.

තත්ව කළමනාකරණ පද්ධතිය ස්ථාපිත සහතිකය ලත් (QMS), තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ (T V E C ) ලියාපදිංචිය යටතේ N V Q Level4 දක්වා පාඨමාලා 09 ක් සහ සහතිකපත් පාඨමාලා 40 ක් දැනට ක්‍රියාත්මක වේ.

imgop009.jpg

වත්මන් අධ්‍යාපන ක්‍රමය තුල පවතින තරගකාරිත්වය හේතු කොට ගෙන උසස් අධ්‍යාපනය කරා පිවිසිමට අපොහොසත් දැයේ දරු දැරියන්ගේ රැකියා අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් නිපුණතාවයෙන් කුසලතාවයෙන් හා දැනුමෙන් පෝෂණය කරලිම ට දෙහිවල වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය ​සිදු කරන මෙහෙවර ඉතා අගනේ ය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම හා ඒකිය රටක් යන සංකල්පය තුල අධ්‍යාපනයට ලබාදි ඇති ප්‍රමුඛතාවය මත හා ස්වයං රැකියා සදහා මුල් තැනක් ලබාදිමේ අරමුණින් වෘත්තිය පුහුණු ක්ෂේත්‍රය තුල පවතින හා මතුව එන අවශ්‍යතා හදුනාගනිමින් නිර්මාණශිලි වෘත්තිය පුහුණුවක් මගින් රැකියා උත්පාදනය කිරිමට මෙවැනි පාඨමාලාවන් පැවැත්වීම කාලෝචිතය.
ජාතික තරුණ සේවා සභාව හා එක්ව දෙහිවල - ගල්කිස්ස මහා නගර සභාවේ නගරාධිපති සහ පුහුණු මධ්‍යස්ථානයේ සභාපතිවරයා වශයෙන් සියලු කාර්යය මණ්ඩලය හා උපදේශක මණ්ඩලයටත් පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ, ලබන සහ පුහුණුව ලැබීමට අපේකෂිත පිරිසටත් මාගේ හදපත්ලෙන්ම මතුවන උණුසුම් සුභාසිංසන මේ සමග පිරිනමමි. ඔබ සැමගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. ඒ සදහා මා ඔබට ආශිර්වාද කරමි.
 
imgop008.jpg
පරිපාලන ලේකම්තුමිය‌ගේ
පණිවිඩය
ප්‍රියංකා ශිරෝමි අබේකෝන් මැතිණිය.

රටක ජීවනාලිය වන්නේ තරුණ පරපුරයි. දැනුම, ආකල්ප හා කුසලතා වලින් පරිපූර්ණ වූ තරුණ පරපුරක් තුළින් රටට පමණක් නොව සමස්ත සමාජයට ම සිදු වන්නේ යහපතකි. ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධව පවතින දෙහිවල වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය තරුණ පරපුර සතු දැනුම මෙන්ම කුසලතා ඔප් නංවන තෝතැන්නකි.

නිවැරදි වෘත්තිය පුහුණුව ලබා ගත් තරුණ පරපුරට රටට සමාජයට සිදුකරන මෙහෙවර අතිමහත්ය. සැමදෙනාටම උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ අවකාශය නොමැති අතර එම අවස්ථාව හිමිකර ගන්නේ සීමිත පිරිසකි .අධ්‍යාපන අවස්ථා අහිමි සැමදෙනාටම හා තම වෘත්තිය කුසලතා ඔප් නංවා ගැනීමේ අභිලාෂයක් සහිත සෑම දෙනාටම මාර්ගෝපදේශනය සපයන ආයතනයක් ලෙස මෙම ආයතනය හඳුන්වා දීමට කැමැත්තෙමි.

සුපැහැදිලි දැක්මක් හා මෙහෙවරක් ඔස්සේ දැයේ දූ දරුවන්ගේ ණැන පහන් දැල්වීමේ කර්තව්‍යයට අපගේ දායකත්වය ලබාදීම පිළිබඳව නිහතමානීව සතුටු වෙමි. ශ්‍රී ලංකාවේ වෘත්තිය පුහුණු ක්ෂේත්‍රයට අවශ්‍ය මානව සම්පත සංවර්ධනය කිරීමේ ප්‍රමුඛයා වීමේ දැක්මත් වෘත්තිය පුහුණු ක්ෂේත්‍රයේ අවශ්‍යතා හඳුනාගෙන නිර්මාණශීලී වෘත්තිය පුහුණුවක් ලබාදී මේ මෙහෙවර පෙරදැරි කරගෙන සාර්ථක ගමනාන්තයක් කරා ගමන් කිරීමට තරුණ පරපුරට මග පෙන්වන මධ්‍යස්ථානයකි.

මෙම වෘත්තිය පුහුණුව සාර්ථකව නිමකරන වෘත්තිකයන්ට දේශීය රැකියා වෙළෙඳපොළ මෙන්ම විදේශීය රැකියා වෙළඳපොළ තුළ ද තම වෘත්තීය කටයුතු සාර්ථක කර ගැනීමේ අවස්ථාව නිතැනින්ම පවතී.

මෙම මධ්‍යස්ථානය කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අතර මෙම ආයතනය පරිපාලන ලේකම්තුමිය වීම පිළිබඳව මා තුළ පවතින්නේ දැඩි අභිමානයකි.

Our Location

Vocational Training Centre,
Pallidora Road, Kawdana,
Dehiwala.

Contact with Phone

072-4700900
011-2761964
011-2731346

Email

 dehiwala.vtc@gmail.com

© Copyright VTC Dehiwala 2024. All Rights Reserved | Solution by Lite Art

Search